ශී‍්‍ර ලාංකීය කලා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙමින් Hiru Golden Film Awards 2014 ජනතා හරසර මැද අති සාර්ථකව නිමාවට පත්වෙයි !!!
News Date : 2014-10-26
25,899 Views
Share
මෙරට සිනමා වංශ කථාවට ස්වර්ණමය සටහනක් එක් කළ ශී‍්‍ර ලංකාවේ මෙතෙක් සංවිධාන වූ විශාලතම සම්මාන රාති‍්‍රය වන  Hiru Golden Film Awards 2014 අති උත්කර්ෂවත් අන්දමින්  සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගන පරිශ‍්‍රයේදී ඊයේ රාත‍්‍රියේ පැවැත්වුණා.

ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව පැවැත්වුණු Hiru Golden Film Awards 2014 සම්මාන රාති‍්‍රය බොලිවුඞ් සහ මෙරට සිනමා තාරකාවන් රැසකගෙන් වර්ණවත්වීම විශේෂත්වයක්. Hiru Golden Film Awards 2014 සම්මාන රාති‍්‍රය වර්ණවත් කිරීමට බිපාෂා බාසු, අනිල් කපූර්, සුනිල් ෂෙට්ටි, විවේක් ඔබ්රෝයි සහ නේහා ධූපියා යන සුපිරි බොලිවුඩ් තරු මෙන්ම බොලිවුඞ් සිනමාව ගීතයෙන් අමන්දානන්දයට පත් කළ අල්කා යාග්නික් ද එක්ව සිටියා.

මීට වසර 67 කට පෙර ශී‍්‍ර ලාංකීය සිනමාවේ සමාරම්භක සනිටුහන් වූ අතර, අනතුරුව එය ස්වර්ණමය යුගයන් පසුකළා. එකළ එම නිර්මාණවලට දායක වූ ශිල්පීන් ඇගයීමට ලක්වූවද අද වනවිට එම අඩුව පුරවාලීමට හැකි තරම් ප‍්‍රමිතියෙන් යුතු සම්මාන උළෙලක් පැවැත්වෙන්නේ නැහැ. එය මෙරට සිනමාවේ කඩා වැටීමට ද එක් හේතුවක් වුණා.

එවන් පසුබිමක ශී‍්‍ර ලාංකීය සිනමාවේ විප්ලවයක් සිදුකරමින් එහි උන්නතිය උදෙසා ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව පැවැත්වෙන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඞ්ස් සම්මාන රාති‍්‍රය සංවිධාන වුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි. ඔහුගේම සංකල්පයකට අනුව මීට වසර 16 කට පෙර මෙරට ගුවන් විදුලි කලාවට නව මානයක් එක් කෙරුණා. ඒ අනුවයි හිරු එෆ්.එම්., ෂා එෆ්.එම්., සන් එෆ්.එම්., ගෝල්ඞ් එෆ්.එම්. සහ සූරියන් එෆ්.එම්. ගුවන් විදුලි නාළිකා ආරම්භ කෙරුණේ. අනතුරුව ශී‍්‍ර ලාංකීය ටෙලිවිෂන් කලාව නව මඟකට යොමුකරමින් හිරු ටී.වී. නාළිකාවද ආරම්භ කළා. එය මේ වනවිට මෙරට පේ‍්‍රක්ෂකයන්ගේ හදවත් තුළ නොමැකෙන සටහන් බොහොමයක් තබා අවසන්.

ගුවන් විදුලිය සහ ටෙලිවිෂනය යන ද්විත්වයම ජයග‍්‍රහණය කළ රේනෝ සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් ආසියානු මාධ්‍ය ජාලය අද දිනයේදී මෙරට සිනමාවේ උන්නතිය උදෙසා නව පියවරක් තැබුවා. ඒ, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන Hiru Golden Film Awards 2014 සම්මාන උළෙල තුළින්.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සඳහන් කළේ ශී‍්‍ර ලාංකේය සිනමාව නව මානයකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්මේ ප‍්‍රවේශය මෙම සම්මාන උළෙල බවයි. ශ‍්‍රී ලාංකේය සිනමාවේ අභිවෘද්ධිය උදෙසා අතහිත දෙන්නේ නම් ඊට සුදුසුම කාලය මෙය බව තම විශ්වාසය බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Hiru Golden Film Awards 2014 සම්මාන රාති‍්‍රය වර්ණවත් කිරීම සඳහා මෙතෙක් ශී‍්‍ර ලංකාවේ යොදාගත් දියුණුම තාක්ෂණික උපක‍්‍රම යොදාගත් අතර එය ආලෝකමත් වූයේ මෙතෙක් ශී‍්‍ර ලංකාවේ සම්මාන උළෙලක් සඳහා භාවිත කළ නවීනතම තාක්ෂණයෙන් යුතු ආලෝකකරණ පද්ධතියක් මගින්.



දැනට ශී‍්‍ර ලංකාවේ යොදා ගැනුණු දියුණුතම ශබ්ද පරිපාලන පද්ධතියක් Hiru Golden Film Awards 2014 සම්මාන උළෙලේ ශබ්ද පරිපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමද විශේෂත්වයක්. ලෝකයේ දියුණුතම කැමරා පද්ධතියක් ඊට එක්වූයේ මෙම සම්මාන රාති‍්‍රය එලෙසින්ම ඔබගේ නෙත් මානයේ තැබීමටයි.



Hiru Golden Film Awards 2014 සම්මාන උළෙල යනු මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් පැවති ප‍්‍රථම ජාත්‍යන්තර මට්ටමේ සම්මාන උළෙලයි. එහිදී සම්මාන පිරිනැමෙන්නේ 2012 සහ 2013 වසරවල තිරගත වූ චිත‍්‍රපට මෙන්ම එම වර්ෂවල නිෂ්පාදනය කෙරුණු කෙටි චිත‍්‍රපට 100 ක් අතුරෙන් තෝරාගත් නිර්මාණ වෙනුවෙන්. මෙරට සිනමාවේ විශාල හිඩැසක් පැවති අවස්ථාවකයි Hiru Golden Film Awards 2014 සම්මාන රාති‍්‍රය සංවිධාන වූයේ.

ඉන්දීය සුපිරි තරු මෙන්ම මෙරට සිනමා තාරකාවන්ද Hiru Golden Film Awards 2014 සම්මාන රාත‍්‍රියට එක්වීමට සුගතදාස පරිශ‍්‍රය වෙත පිවිසියේ රන් පලස මතින්.  

Hiru Golden Film Awards 2014 සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා - අකිල. නිළිය - යශෝධා. ජනප‍්‍රියම චිත‍්‍රපටය සිරි පැරකුම්.

Hiru Golden Film Awards 2014 සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා, නිළිය සහ ජනප‍්‍රිය ගීතය යන අංශ සඳහා සම්මාන පිරිනමනු ලැබුවේ එස්.එම්.එස්. සහ  සම්මාන උළෙලේ වෙබ් අඩවිය හරහා කරන ලද මත විමසුමක් අනුවයි. ඒ අනුව ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තේ සිරි පැරකුම් චිත‍්‍රපටයට රංගනයෙන් දායක වූ අකිල ධනුද්දරයි.  

ජනප‍්‍රියම නිළියට හිමි සම්මානය හිමිකරගත්තේ යශෝධා විමලධර්මයි. ඒ, සමනල සංධ්වනිය චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන්. ජනප‍්‍රියම චිත‍්‍රපටයට හිමි සම්මානය හිමිකරගත්තේ සිරි පැරකුම් චිත‍්‍රපටයයි.

හොඳම නළුවා - දර්ශන් ධර්මරාජ්. නිළිය - චාන්දනී. හොඳම චිත‍්‍රපටිය - ඉනියවන්.

Hiru Golden Film Awards 2014 සම්මාන උළෙලේ ඉනියවන් හොඳම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍රවූ අතර හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමිකරගත්තේ එම චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ අශෝක හඳගමයි. Hiru Golden Film Awards 2014 සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන හිමිකරගත්තේ ඉනියවන් චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් දායකත්වය දැක්වූ දර්ශන් ධර්මරාජ් විසින්.  හොඳම නිළිය සම්මානය චාන්දනී සෙනෙවිරත්න හිමිකරගත්තා. ඇය එම සම්මානයට හිමිකම් කීවේ නිකිණි වැස්ස චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන්.  

හොඳම පසුබිම් ගායකයා - අමරසිරි පීරිස්. ගායිකාව - උරේෂා රවිහාරි.

Hiru Golden Film Awards 2014 සම්මාන උළෙලේ හොඳම චිත‍්‍රපට පසුබිම් ගායකයා ලෙස අමරසිරි පීරිස්  Hiru Golden Film Awards 2014 සම්මාන උළෙලේ සම්මානයට පාත‍්‍ර වුණා. හොඳම ගායිකාවට හිමි සම්මානය උරේෂා රවිහාරි හිමිකරගත්තා. ඇය එම සම්මානයෙන් පිදුම් ලැබුවේ කුසපබා චිත‍්‍රපටයේ ජල ධාරා ගීතය  වෙනුවෙන්.

Hiru Golden Film Awards 2014 සම්මාන උළෙලේ ඡායාරූප සියල්ල පහතින්..

Album 1

Album 2

Top