හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය Hiru Golden Film Awards 2016 වර්ණවත් කරන්නට මධුරි ඩික්සිත් සමඟින් ශ්‍රී දේවී දිවයිනට පැමිණෙයි - Photos
News Date : 2016-09-11
1,469 Views
Share
සුපිරි බොලිවුඩ් තරු පිරිවරා ශ්‍රී ලාංකීය සිනමා තරු අභිෂේක ගන්වන අන්තර් ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ෂය, හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය "Hiru Golden Film Awards 2016" නෙළුම් පොකුණ රඟහලේදී ආරම්භ වන්නට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. 

මේ උත්කර්ෂවත් සම්මාන උළෙල වර්ණවත් කරන්නට එදාමෙදා තුර බොලිවුඩ් සිනමා තිරයේ නර්ථනයෙන් පිරුණු රංගන ප්‍රතිභාවක නොනිමෙන ගිණි සිළුව වෙමින් චිත්‍රපට සියගණනක සම්මාන රැසකට උරුමකම් කියමින් ප්‍රේක්ෂක සිත් වසඟ කළ ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානයෙන් පුදලද "MADHURI DIXIT" මෙන්ම උන්මාදනීය ආදරයෙන් සිත් වසඟ කල, ප්‍රේමනීය බොලිවුඩ් තිරය වර්ණවත් කළ, ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානයෙන් පුදලද විශිෂ්ඨවූත් ජ්‍යෝෂ්ඨවූත් රංගනවේදිනිය, "SRIDEVI" මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා.

View Album

Top